58
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව් දෙනකු පෙරේදා (28) රාත්‍රි අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු හල්මිල්ලවැව ප්‍රදේශයේ හා අනෙක් දෙදෙනා මහියංගණය 51, කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මෙම වාලම්පුරිය සමඟ සැකකරුවන් සිව්දෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ මහියංගණය, 50 කණුව ප්‍රදේශයේදීය.
අත්අඩංගුවට ගත් වාලම්පුරිය හා සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.
මාපාකඩවැව සමූහ – එච්.එම්. රංජිත් කරුණාවීර