Friday, May 9, 2025
Home » කෝටි 3ක වාලම්පුරියක් එක්ක 4ක් දැලේ

කෝටි 3ක වාලම්පුරියක් එක්ක 4ක් දැලේ

by sachintha
September 30, 2024 1:51 am 0 comment

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව් දෙනකු පෙරේදා (28) රාත්‍රි අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු හල්මිල්ලවැව ප්‍රදේශයේ හා අනෙක් දෙදෙනා මහියංගණය 51, කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මෙම වාලම්පුරිය සමඟ සැකකරුවන් සිව්දෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ මහියංගණය, 50 කණුව ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් වාලම්පුරිය හා සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

 

මාපාකඩවැව සමූහ – එච්.එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT