Friday, May 9, 2025
Home » ඉන්ධන සහනාධාරය ලබා දීමට ගත් තීරණයට ධීවර ජනතාවගෙන් රජයට පැසසුම්

ඉන්ධන සහනාධාරය ලබා දීමට ගත් තීරණයට ධීවර ජනතාවගෙන් රජයට පැසසුම්

by sachintha
September 30, 2024 1:46 am 0 comment

ඉන්ධන සහනාධාරය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව වයඹ මුහුදු තීරයේ ධීවර ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරති. ඉන්ධන සහනාධාරය පිළිබඳව අවස්ථා ගණනාවකදී පැවැති රජයන්ගෙන් ඉල්ලීම් කළද ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වූ බව පෙන්වා දෙන ධීවර ජනතාව ඉන්ධන සහනාධාරය තුළින් ධීවර ජනතාවට ලැබෙන ප්‍රතිලාභයන් මෙන්ම පාරිභෝගික ජනතාවට එමඟින් ප්‍රතිලාභයන් අත්වීම තමනට සතුටක් බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව අදහස් දක්වන ධීවර ජනතාව මෙසේ පැවැසීය.

නිමේෂ් අනුරුද්ධ – ඇත්තටම පසුගිය කාලයේ අපට ධීවර සහනාධාර දෙනවා කිව්වට කිසිම ආණ්ඩුවක් අපි ගැන බැලුවේ නැහැ. දැන් අලුත් ආණ්ඩුවක් පත්වෙලා තියෙන්නෙ. ලොකු වෙනසක් වෙන බව අපිට දකින්න තියෙනවා. ධීවර ක්ෂේත්‍රයටත් අවධානය යොමු කරලා ගත් තීරණයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒවගේම අපේ ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රාවල අමතර කොටස් පැවැති මිල ගණන්වලට වඩා තුන් හතර ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. කර්මාන්තය පවත්වා ගැනීමේදී මෙය විශාල ගැටලුවක්. මේ ප්‍රශ්නය ගැනත් අවධානය යොමු කර ධීවර ක්ෂේත්‍රයේ නඟාසිටුවීමට කටයුතු කළොත් මා හිතන්නේ හොඳ කලදසාවක් යයි කියලා.

සුනිල්ගේ ඇන්ටන් රොද්‍රිගු – ඇත්තෙන්ම සතුටු වෙනවා ගත්තු ක්‍රියාමාර්ගයට. අපි පෙළ ගැසුණොත් වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒක එයාකාරයෙන් ඉටුවෙලා තියෙනවා. ඉන්ධන සහනාධාරය වගේම ධීවර ක්ෂේත්‍රයට අදාළ බදු සහන ඉවත් කළොත් අපිට පාරිභෝගිකයන්ට මීට වඩා හොඳ යහපත් සේවයක් ලබා දෙන්න හැකි වෙනවා යැයි පැවැසීය.

ලිලියන් ජෙසී – ධීවර ජනතාව කියන්නේ ගොඩක් දුක් විඳින ජනතාවක්. අපි ගැන පසුගිය ආණුඩුවල කිසි කෙනෙක් බැලුවෙ නෑ. අපේ ධීවර ජනතාවට බලපාන ප්‍රධානම ගැටලුව මේ ඉන්ධන ප්‍රශ්නය. මේ නිසා ගොඩක් අය මුහුදු ගියෙත් නෑ. යන වියදමවත් පියවන්න බෑ කියලා. අපි කාලයක් බලාගෙන හිටපු දේට විසඳුමක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව රජයට ස්තුතිය පළ කරනවා.

මාරවිල සමූහ – මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT