Home » ඉඳිබැද්දේ ලී බඩු කර්මාන්ත ශාලාවක ගින්නක්

ඉඳිබැද්දේ ලී බඩු කර්මාන්ත ශාලාවක ගින්නක්

by sachintha
September 30, 2024 1:57 am 0 comment

 

මොරටුව, ඉඳිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමඟ පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පසුගියදා (29) අලුයම 1.30ට පමණ හදිසි ගින්නක් ඇති වී තිබේ. එම ගින්නෙන් දේපළවලට බරපතළ හානි සිදූවී ඇතැයි මොරටුව මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරී නලීන් දුල්සිරි කුමාර මහතා පවසා සිටියි.

ගින්න වාර්තා වූ සැණින් ස්ථානභාර නිලධාරී ඇතුළු ගිනි නිවන භටයින් ගිනි නිවීමේ රථයක්, ජල බවුසරයක් සමඟ අදාළ ස්ථානයට ගොස් එහි හිමිකරුගේ නිවසට හා අවට නිවාසවලට ගින්න පැතිර ගොස් සිදුවීමට තිබූ විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි ද ඒ මහතා පවසා සිටියි.

දෙහිවල – ඩී.පී.හේරත්,

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT