Home » නිර්පලාහේනේ වෙල්යායක හිස නැති මළ සිරුරක්

නිර්පලාහේනේ වෙල්යායක හිස නැති මළ සිරුරක්

by sachintha
September 30, 2024 1:59 am 0 comment

මාලබේ තුන්අඳහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් පසුගියදා (29) උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි. පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂාවේදී මෙම මිනිස් ශරීරය හමු වූ බවත් එහි කොටස් දිය වෙමින් පවතින බවත් පොලිසිය පවසයි. මෙය සති දෙකක් පමණ පරණ ශරීරයක් බවට සැක කළ හැකි බවත් එම ශරීරයේ කොටස් සතුන් විසින් කා දමා ඇති බවත් නවගමුව පොලිසිය පවසයි.

මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

 

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

බණ්ඩාරගම – බිමල් ජයසිංහ, නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT