Home » දික්වැල්ලට වසර 3ක් ක්‍රිකට් තහනම්

දික්වැල්ලට වසර 3ක් ක්‍රිකට් තහනම්

by sachintha
September 30, 2024 1:57 am 0 comment

එල්පීඑල් තරගාවලිය අතරතුර මත්ද්‍රව්‍ය (කොකේන්) භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගෝල් මාවලර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සිදු කළ පරීක්ෂණයක දී මේ බව අනාවරණය වූ අතර, මේ සම්බන්ධ පරීක්ෂණය සඳහා පසුගිය අගෝස්තු 23 වැනිදා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූ අවස්ථාවේදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට දික්වැල්ල පිළිගෙන තිබිණි. මේ පරීක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙන තුරු තාවකාලික තරග තහනමක් පැනවීමට කටයුතු කළේය. මේ වරදට හිමිවන දඬුවම ප්‍රකාශ කරමින් සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 3ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වන අතර, එම තහනම පසුගිය අගොස්තු 13 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT