තබ්බෝව අභය භුමිය ආසන්නයේ කුඩා පහරිය ප්‍රදේශයේ දඩයක්කරුවකු විසින් අටවනු ලැබූ බඳින තුවක්කුවක් පත්තු වී යාමෙන් එය ගැලවීමට ගිය වනජීවී නිලධාරීන් තිදෙනකු නූලෙන් දිවි බේරාගෙන ඇතැයි පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසීය. මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ කරුවලගස්වැව වනජීවි අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසකි. මෙම නිලධාරීන් පිරිස ඉකුත් 30 දින අලුයම තබ්බෝව අභය භූමියට අයත් කුඩා පහරිය ප්‍රදේශයේ දඩයක්කරුවකු බඳින තුවක්කු අටවා වන සතුන් මරා දමන බවට ලැබුණු ආරංචිය මත වැටලීමට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණපා ඇති බව කියයි.
බඳින කඳ පත්තුවීමෙන් පසු එය අටවා දැමූ දඩයක්කරු වන සතකු වැටී ඇති බව සිතා එය සොයා බැලීමට පැමිණීමත් සමඟ වනජීවි නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාපහරිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ