Home » පොලිස් තෑගි මුදල් දේශපාලන වැඩවලට අරන්

පොලිස් තෑගි මුදල් දේශපාලන වැඩවලට අරන්

-පොලිසිය ඇතුළෙන්ම විරෝධතා

by sachintha
October 1, 2024 12:14 am 0 comment

පොලිස් තෑගි අරමුදල පසුගිය කාලයේ දේශපාලන වැඩවලට යොදා ගනිමින් අවභාවිත කර ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

දේශපාලන අරමුණක් ඇතිව පැවැත්වූ ඇතැම් ප්‍රජා පොලිස් කමිටු රැස්වීම් සඳහා වැයකර ඇත්තේ ද පොලිස් ත්‍යාග අරමුදලින් බවට චෝදනා පොලිස් නිලධාරීන් තුළින්ම මේ වන විට එල්ල වෙමින් තිබේ. ප්‍රජා පොලිස් රැස්වීම් සඳහා දැවැන්ත වේදිකා සහ ඊට අවශ්‍ය උපකරණ කුලියට ලබාගෙන ඇත්තේ මිරිහානේ පිහිටි උත්සව භාණ්ඩ කුලියට ලබාදෙන ස්ථානයකින් බවත් උතුරු – නැ‍ඟෙනහිර පළාතේ පැවැති ප්‍රජා පොලිස් රැස්වීම් සඳහා පවා දැවැන්ත වේදිකා සහ ආවරණ කුලියට ඇණවුම් කර ඇත්තේ එම ස්ථානයෙන් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ සඳහා සැලකිය යුතු මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් එම ගෙවීම් සිදුව ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරු විසින් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරින්ට ත්‍යාග ලැබෙන ආකාරයට තෑගි අරමුදලින් මුදල් ලැබෙන බවත් එම මුදල් ලැබෙන්නේ සැබෑ ලෙසම කළ යහපත් සේවා කටයුතු ඇගයීම සඳහා නොවන බවත් ප්‍රජා පොලිස් රැස්වීම්වලට රැගෙන ආ වේදිකා සහ කූඩාරම් වෙනුවෙන් බවත් පොලිස් නිලධාරින් පවසති.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා පොලිස් ත්‍යාග අරමුදල අවභාවිත කළ නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයාගෙන් පොලිස් නිලධාරින් ඉල්ලා සිටිති.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT