අප රට සෑම අතකින්ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මෙයින් අසරණ වන්නේ බහුතර ජනතාව බවත් සමගි ජන බලවේගයේ අරමුණ රට දිනවීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ දී නායකත්වය ලබා දෙන බවත් ජනතා ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනයේ සිට රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත්දා (28) වැල්ලම්පිටියේ දී කොළොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.
මේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රියව දායක විය යුතු බවත් රටේ ඇති බලවත් දේශපාලන බලවේගය වන්නේ සමගි ජන බලවේගය බවත් කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම නොව ප්‍රගතිශීලීව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳන්න දායකත්වය දෙන බවත් ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක භාවයෙන් ඔප්පු කර ජනතාවාදී සේවාවක් ඉටු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් කාන්තාවන්, විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් මැතිවරණ පසුබෑමකට ලක් වූවා කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් පැරණි යල් පැනගිය ක්‍රමවේද අනුගමනය නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ප්‍රශ්නවලට අභියෝගවලට සෑම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු බවත් සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ එය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේම සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් එම නිසා ඉදිරියේ ප්‍රධානම ප්‍රගතිශීලී බලවේගයක් බවට පත්විය යුතු බවත් පසුබෑමකට ලක් වුවත් නැවත ගොඩනැඟිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත