එදිරිවාදිකම්, විරුද්ධවාදිකම් අමතක කර රටේ ප්‍රශ්නවලට විසඳුම් සැපයිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ඡන්දයක් අවසන් වූවාට රටේ ප්‍රශ්න අවසන් නොමැති බවත් රටේ ජනතාව පීඩනකාරී අසහනකාරී දිවියක් ගත කරන බවත් කුඩා දරුවාගේ සිට මව්වරුන් දරුවන් තරුණයන් කාන්තාවන් වැඩිහිටියන් විශ්‍රාමිකයන් ආදී සියලු දෙනාම ආර්ථික පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) උතුරු කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.
ජනතාවගේ ගැටලුවලට උත්තර විසඳුම් සපයන්නන් විය යුතු බවත් කඩා වැටුණු ගරා වැටුණු රට ගොඩගත යුතු බවත් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් සපයන්න සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
තරුණයන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතු බවත් උත්තර සපයනවා යනු විවේචනය නොව විසඳුම් ලබා දීම බවත් මෙහිදී තරුණයන් රටේ ආර්ථික වර්ධනයේ නායකයන් කොටස්කරුවන් බවට පත් කළ යුතු බවත් රටේ ප්‍රශ්න තනි පුද්ගලයන්ට හෝ කණ්ඩායමකට විසඳිය නොහැකි නිසා එදිරිවාදී විරුද්ධවාදී දේශපාලන සංස්කෘතිය අමතක කර ජනතාවගේ ගැටලුවලට උත්තර සපයන වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රක්ෂණ ශ්‍රියන්ත