දැදුරුඔය ජලාශය ආශ්‍රිතව හදිසියේම බෝවී ඇතැයි කියන ආක්රමණික Òමාංශ භක්ෂකÓ මත්ස්‍යයකු හේතුවෙන් ජලාශයේ ස්වභාවික මත්ස්‍ය සම්පත ඉතාමත් ශීඝ්‍රයෙන් විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ දී ඇතැයි එම ජලාශය ආශ්රිත ධීවරයෝ පවසති.
මේ වන විටත් ජලාශය පුරා ලක්ෂ ගණනින් බෝවී ඇති මෙම මත්ස්‍ය විශේෂය ජලාශයේ සෙසු සියලුම මත්ස්‍යයන් උන්ගේ ආහාරය ලෙස ගිලදැමීම නිසා ජලාශය තුළ සිටින දේශීය මත්ස්‍යයන් මෙන්ම ධීවර කර්මාන්තය සඳහා ජලාශයට මුදා හරින මත්ස්‍යයන් ද විනාශ වී යන බව එම ධීවරයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. මේ හේතුව නිසා මේ වන විටත් එම ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න පහළ මට්ටමකට වැටී ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට වහා පිලියම් නොයෙදුවහොත් තවත් කෙටි කලක් තුළ තමන්ට ධීවර රැකියාව අත්හැරදැමීමට සිදුවන බවද ඔවුහු සඳහන් කර සිටියහ. දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව මහව – කටුවන්නාව, ගනේවත්ත – කැකුලාවල සහ වාරියපොළ – තඹරව වශයෙන් ධීවර තොටුපොළවල් තුනක් ක්‍රියාත්මක වන අතර එම ධීවර තොටුපළවල් ආශ්‍රිතව සිය ජීවිකාව සපයාගන්නා ධීවර පවුල් දසකට ආසන්න ප්‍රමාණයක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ කැකුලාවල සමගි ධීවර සමිතියේ සභාපති වයි.පී. ගුණසේකර මහතා මෙසේ පැවසීය.
Òඅපට මේ ආක්රමණික මාළු තර්ජනය ඇති වෙලා දැනට මාස දෙකකට ආසන්නයි. මුලින් මුලින් සත්තු එකෙක් දෙන්නෙක් අහුවුණා. ඒක අපි ඉතින් ලොකුවටම ගණන් ගත්තෙ නෑ. දැන් තමා අපට මේක ව්‍යාප්ත වෙලා කියලා තේරෙන්නේ. මේ මාළුවා ලූල් කුලයට අයිති මාළුවෙක්. අපි ජලාශයට දාන මාළු පැටව් ටික ඔක්කොම මේ මාළුවා කනවා. ඒ නිසා කලින් අපි ලබා ගත් මාළු අස්වැන්නෙන් සියයට දහයක්වත් දැන් නෙළාගන්න බෑ. මොකද ජාලාශයට කොච්චර මාළු පැටව් දැම්මත් දවසට දෙකට උන් නැති වෙනවා. මේ බෝවෙලා ඉන්න ආගන්තුක මාළු ඒ පැටව් ගොදුරු කර ගන්නවා. ඒ එක මාළුවෙක් දවසකට මාළු කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් ගිලදානවා. මෙහෙම ගියොත් වැඩි කලක් යන්න කලින් මේ රටේ මිරිදිය ධීවර කර්මාන්ත නැත්තටම නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඉස්සරහට එන වර්ෂා කාලෙත් එක්ක මේ සත්තු රටේ තියෙන අනිත් වැව් ටිකටයි ජලාශ ටිකටයි ඇතුළු වුණොත් මේ වසංගතේ ලංකාව පුරාම ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ නිසා මේකට මොකක් හරි ලොකු විසඳුමක් ගන්නම වෙනවා. මේ මාළු ජලාශය පුරා රංචුපිටින් ඉන්නේ ගැඹුරු දියේ. අපි මාළු අල්ලන්න දැලක් දාපුවහම ඒ දැලෙනුත් මගහැරලා යනවා. මාළු රංචු පිටින් ඇවිත් අනෙක් මාළුන්ව වට කරල ගොදුරු කර ගන්නේ. ඒ තරම්ම මේ සත්තු ආක්‍රමණශීලියි. අනෙක් එක තමා මේ මාළුවගේ ස්වභාවය ඉතාමත් ක්‍රියාශීලියි. දැලකට පැටලුණත් කොහොමහරි ඒ තැනින් ගැලවිලා යන්න මේ සතා දක්ෂයි. එනිසා මේ සතුන් වඳ කරන එකත් ලොකු අභියෝගයක් වෙයි කියලා අපි හිතනවා.Ó
කැකුලාවල සමගි ධීවර සමිතියේ භාණ්ඩාගාරික පී.ඒ. සමන්ත රුවන්තිලක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Òමෑතක ඉඳල මේ දැදුරු ඔය ජලාශය පුරාම බෝවෙලා ඉන්න මාංශභක්ෂක මාළුවෙක් නිසා දැදුරුඔය ජලාශය ආශ්‍රිතව ධීවර රැකියාවෙන් ජීවත්වන අපේ පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවක් අද යන එන මං නැතිවෙන තැනට වැටිලා. අපට ඉස්සර වගේ මේ කර්මාන්තයෙන් අද ජීවත් වෙන්න බෑ. ඉස්සර තිබුණු ආදායම දැන් නෑ. මාළු අස්වැන්න හොඳටම අඩු වෙලා. හේතුව තමයි ජලාශයේ අහුවෙන්න තරම් මාළු ප්‍රමණයක් නැති එක. අපි ඉස්සර ගත්තු ආදායමෙන් හතරෙන් එකක්වත් දැන් ගන්න බෑ. ඒ නිසා අපට අඩුගානේ ජීවත් වෙන්න තරම්වත් බැරි මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ. මේ කියන ආගන්තුක මාළු ලක්ෂ ගාණක් මේ ජලාශය බෝ වෙලා ඉන්නවා. උන් ජලාශයට කොහොම බෝ වුණාද කියල කවුරුත් දන්නේ නෑ. මට හිතෙන විදියට මුළු ලංකාවටම මේක වැඩිකල් යන්න කලින් විශාල බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වහාම මේකට මර්දනයක් නොවුණොත් මුළු ලංකාවෙම මිරිදිය කර්මාන්තය ඉවර වෙන මට්ටමක් තමයි මට නම් දකින්න තියෙන්නේ.Ó
ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීමට එම ස්ථානයට පැමිණ සිටි ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී මහේෂා මුතුනායක මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.
Òඅපට මේ දිනවල මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යන මේ Giant snakehead කියල හඳුන්වන ආක්රමණික මත්ස්‍යයාගේ ව්‍යාප්ත වීම. දැනට මාස දෙකකට විතර කලින් එකා දෙන්න තමා දකින්න ලැබුණේ. නමුත් මේ කෙටි කාලය තුළ මේ සතා ඉක්මනින්ම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ නිසා ජලාශය ආශ්‍රිතව සිටින ධීවර ජනතාව ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. අපි දැන් විමර්ශනය කරමින් යනවා මේ මාළුවා මේ ජලාශයට කොහොමද ආවේ කියන එක සම්බන්ධයෙන්. මොකද මේ සත්තු අපේ රටට ආවේණික මාළුවෙක් නෙවෙයි. ඒගොල්ලෝ අපේ රටට ගෙන්නන්න තහනම් කරන ලද මාළු විශේෂයක්. එතකොට මෙතෙන්ට කොහොම ආවද කියන එක ගැන තමා අපි දැනුම්වත් නැත්තේ. සමහර වෙලාවට කවුරුන් හෝ කඩාකප්පල්කාරී අදහසකින් මේ සත්තු ජලාශයට අතෑරියද? එහෙමත් නැත්නම් විසිතුරු මාළුවෙක් විදිහට හදලා සතා ලොකු වෙද්දි නඩත්තු කර ගන්න බැරි නිසා හොරෙන්ම ගෙනල්ල ජලාශයට අතෑරියද කියල හොයල බලන්න වෙනවා. දැනට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ පළාත් ධීවර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කටයුතු සිදු කරමින් පවතිනවා.Ó
කුරුණෑගල – සුනිල් එස්. පැල්ලන්දෙණිය කුරුණෑගල – කුමාරි දිසානායක