Sunday, May 11, 2025
Home » බෙරන්නාවේ විමල හිමිගේ ජන්ම දිනයට කුල කුමරුවන් හත්දෙනෙක් පැවිදි දිවියට

බෙරන්නාවේ විමල හිමිගේ ජන්ම දිනයට කුල කුමරුවන් හත්දෙනෙක් පැවිදි දිවියට

by sachintha
October 1, 2024 2:43 am 0 comment

පාදුක්ක, මොරගහතැන්න ශ්‍රී මහා විහාරවාසී බෙරන්නාවේ විමල හිමියන් පැවිදි දිවියට පත්ව වසර 50ක් පිරීම නිමිත්තෙන් හා උන්වහන්සේගේ 63 වැනි ජන්ම දිනය වෙනුවෙන් කුල කුමරුවන් හත්දෙනකු පැවිදි කිරීම, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සභාවේ අනුනායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්මශාලාවේදී සිදු කෙරුණි.

මෙහිදී බෙරුකැටිය ජේ.ඒ. සශින්ත මේනක කුල කුමරුවන් සූරියවැවේ පඤ්ඤාසාර හිමියන් ලෙසද යටවතුර ආර්.එම්. නිමේෂ් නිම්සර කුල කුමරුවන් දඹගොල්ලේ නන්ද හිමියන් ලෙසද, යටවතුර ඩී.එම්. තිසර ප්‍රබෝධ කුල කුමරුවන් දඹගොල්ලේ සාරද හිමියන් ලෙසද යටවතුර ඩී.එම්. ඉනේෂ් ඉඳුරංග කුල කුමරුවන් දඹගොල්ලේ මංගල හිමියන් ලෙසද පාදුක්ක කේ. පූර්ණ ප්‍රබෝද් කුමාර කුල කුමරුවන් බුදුගේ කන්දේ විමලඤාණ හිමියන් ලෙසද පාදුක්ක ආර්.එම්. සෙනුජ හසරංග කුල කුමරුවන් සීදූවේ විමලතිස්ස හිමියන් ලෙසද හොරගල කේ.එම්. මදුශාන් බණ්ඩාර කුල කුමරුවන් මාදුළුවාවේ රාහුල හිමියන් ලෙසද මෙදින පැවිදි දිවියට පත්වූහ. ඉන් අනතුරුව පැවිදි දිවියට පත් හිමිවරුන් විහාරාධිපති හිමියන් නමැදීම සිදු කිරීමෙන් පසුව, පැවිදි දිවියට පත් හිමිවරුන්ගේ මවුපියන් සහ ඥාතීන්ද දායක පිරිස ද එක්ව උන්වහන්සේලාට පිරිකර පූජා කිරීම සිදු කෙරුණි. පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති, බෙරන්නාවේ විමල හිමියන්ගේ ආරාධනයෙන්, එම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සභාවේ අනුනායක මාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද පැවිදි දිවියට පත් හිමිවරුන්ගේ මවුපියන් සහ ඥාතීන් ද විහාරස්ථානයේ දායක සභාව ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT