Saturday, May 10, 2025
Home » රදාවාන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගීන් වෙනුවෙන් නව ගොඩනැඟිල්ලක්

රදාවාන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගීන් වෙනුවෙන් නව ගොඩනැඟිල්ලක්

by sachintha
October 1, 2024 2:45 am 0 comment

ගම්පහ සෞඛ්‍ය අධිකාරී කොට්ඨාසයට අයත් රදාවාන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාවට රැඳී සිටීමට සහ ආහාර ගැනීම වෙනුවෙන් පුටු 60කින් සමන්විත ගොඩනැඟිල්ලක් දොම්පේ රොටරි සමාජයේ අනුග්‍රහයෙන් ඉදිකර ඇත.

රුපියල් මිලියනයක වියදමින් ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල දොම්පේ රොටරි සමාජයේ නිර්මාතෘ, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනි දින සවස විවෘත කෙරිණි. මෙම අවස්ථාවට රදාවාන රෝහලේ වෛද්‍ය සුභාෂිණී සේනාසිංහ, දොම්පේ රොටරි සමාජයේ සභාපති නිමේෂ් සශින්ත, ලේකම් තරින්දි ඇල්ලේපොල, ව්‍යාපෘති සම්බන්ධීකාරක ලහිරු රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT