Saturday, May 10, 2025
Home » ගම්පහ සමුපකාර රෝහලේ 62 වන සංවත්සරයට දානමය පිංකමක්

ගම්පහ සමුපකාර රෝහලේ 62 වන සංවත්සරයට දානමය පිංකමක්

by sachintha
October 1, 2024 2:45 am 0 comment

ගම්පහ සමුපකාර රෝහලේ 62 වන සංවත්සරයට සමගාමීව රෝහලේ උන්නතිය සඳහා කැපවූ හිටපු නිලධාරී මණ්ඩලයටත් සාමාජිකයන් හා රෝහල් කාර්ය මණ්ඩලයට සෙත් පතා දානමය පිංකමක් සමූපකාර රෝහලේ සභාපති ලසන්ත නදීර කපුරුබණ්ඩාර, උප සභාපති නීලක අබේරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා (පෙරේදා) රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්මධූත පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තුම්මෝදර සමිතසෝම හිමිපාණන් අනුශාසනාවක් කරමින් රෝහලේ වත්මන් දියුණුවට කැපවූ සියලු දෙනාට සෙත් පතන බවත් වත්මන් සභාපති ලසන්ත නදීර කපුරුබණ්ඩාර මහතාගේ වසර 11ක සේවා කාලය තුල රෝහල ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බවත් පැවසූහ. මෙම දානමය පිංකමට පූජ්‍ය කිනිගම සෝමවංශ, පූජ්‍ය ගවරවෙල ගුණරතන යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද ගම්පහ සමුපකාර රෝහලේ සභාපති ලසන්ත නදීර කපුරුබණ්ඩාර, උප සභාපති නීලක අබේරත්න යන මහතුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද සාමාන්‍යාධිකාරිනී මධුෂානී හඟවත්ත මහත්මිය ප්‍රමුඛ රෝහල් කාර්‍ය මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT