Sunday, May 11, 2025
Home » තායිලන්තයේ බස් රථයක් ගිනි ගෙන ප්‍රාථමික පාසල් දරුවෝ 22ක් මරුට

තායිලන්තයේ බස් රථයක් ගිනි ගෙන ප්‍රාථමික පාසල් දරුවෝ 22ක් මරුට

- ගුරුවරු තිදෙනකුත් ඒ අතර

by sachintha
October 2, 2024 1:04 am 0 comment

ප්‍රාථමික පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වී ගිනි ගැනීමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් තායිලන්තයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මිය ගිය අය අතර පාසල් දරුවන් 22 දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු සිටින බව තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. අනතුරට ලක්වන විට බස් රථයේ සිටි තවත් දරුවන් 16 දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු දිවි බේරා ගැනීමට සමත්වූ බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. තුවාල ලැබූ අටදෙනකු රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

උතුරු ප්‍රාන්තයක් වන උතායි තානි වෙත සංචාරයක නිරත වෙමින් සිටි බැංකොක් නුවර ප්‍රාථමික පාසලක දරුවන් රැගත් බස් රථ තුනකින් එක් බස් රථයක් මේ අනතුරට මුහුණ පා ඇති අතර, අවුරුදු 3 සිට 15 දක්වා වයස් කාණ්ඩයේ පසුවූ දරුවන් එම බස් රථයේ සිටි බව බැංකොක් පෝස්ට් පුවත් සේවය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT