Thursday, May 8, 2025
Home » නිදන් හාරමින් සිටි පිය පුතු දෙපළ මැණික් ගල් 11ක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ දැලේ

නිදන් හාරමින් සිටි පිය පුතු දෙපළ මැණික් ගල් 11ක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ දැලේ

by sachintha
October 2, 2024 1:14 am 0 comment

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිය පුතු දෙපළක් මැණික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක්, රන්පැහැති කුඩා මංජුසාවක්, පිත්තල පැහැති වටිනා දුර්ලභ ගණයේ කුඩා ඇත් රූප 3ක්, පූජා භාණ්ඩ රැසක් සමඟ පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි. පස්සර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කර ඇත. ඒ වන විටත් සැකකාර පිය පුතු දෙපළ පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව ද පොලිසිය සඳහන් කළේය. හෙට්ටියාමුල්ලේ පදිංචි 63 හැවිරිදි පියෙක් සහ 26 හැවිරිදි වියේ පුතකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සී. ගමගේ – සොරණාතොට සමූහ සහ බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT