39
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිය පුතු දෙපළක් මැණික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක්, රන්පැහැති කුඩා මංජුසාවක්, පිත්තල පැහැති වටිනා දුර්ලභ ගණයේ කුඩා ඇත් රූප 3ක්, පූජා භාණ්ඩ රැසක් සමඟ පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි. පස්සර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කර ඇත. ඒ වන විටත් සැකකාර පිය පුතු දෙපළ පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව ද පොලිසිය සඳහන් කළේය. හෙට්ටියාමුල්ලේ පදිංචි 63 හැවිරිදි පියෙක් සහ 26 හැවිරිදි වියේ පුතකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සී. ගමගේ – සොරණාතොට සමූහ සහ බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන