Home » ලබන වසරේ අප්‍රේල් තෙක් ඉන්ධන සැපයුම ස්ථිර කර තිබෙනවා

ලබන වසරේ අප්‍රේල් තෙක් ඉන්ධන සැපයුම ස්ථිර කර තිබෙනවා

-සභාපති ඩී.ජේ. රාජකරුණා

by sachintha
October 2, 2024 1:28 am 0 comment

ලබන වසරේ අප්‍රේල් මාසය වන තෙක් අවශ්‍ය ඉන්ධන සැපයුම ස්ථීර කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවැසීය. සභාපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙලෙස ද කීවේය.

“පසුගිය තිස් වෙනිදා තෙල් මිල තීරණය කළේ පැවති මිල සූත්‍රයට. ඉදිරියේදී කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නෑ. මෙරට තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය වෙනවා. නියාමන කොමිසමකින් මිල සූත්‍රයේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

පසුගිය සමයේ තෙල් සංස්ථාවේ සහ ඉන් පිටත සිදු වූ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම ඉදිරියේදී පත්කරන ජනාධිපති කොමිසමකින් සිදු කිරීමට නියමිතයි. වත්මන් ජනවරම දීමෙන් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුණා. පසුගිය රජයන් පක්ෂ දේශපාලනය ඉලක්ක කළ නමුත් ජාතික ජන බලවේගය පක්ෂ දේශපාලනය වෙනුවට රට ගොඩනඟන වැඩපිළිවෙලට මූලිකත්වය දෙනවා.

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා මෙරට පුරවැසියන්. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, පක්ෂ බේදයකින් තොරව ප්‍රතිපත්තිය මත ඒකරාශී වීම අරමුණු කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනවා.”

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

ඡායාරූපය : සුදත් නිශාන්ත

නෙරංජලා වික්‍රමසිංහ සහ තිසාරා රාජපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT