මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් 17දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා (29)මෙරට මුහුදු සීමාවේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර,එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්,උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා කර ඇත.
එහිදී මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් 17ක මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මේ මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයන් 17 දෙනා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර,ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබුණි.
මේ මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා 55ක් සහ ඉන්දීය ධීවරයන් 413ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතුවලට යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත