Saturday, May 10, 2025
Home » මැණිකා පහර දී ඇත්ගොව්වා රෝහලේ

මැණිකා පහර දී ඇත්ගොව්වා රෝහලේ

by sachintha
October 2, 2024 1:31 am 0 comment

පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබන මැණිකා ඇතින්න පහරදීමෙන් ඇත්ගොව්වෙක් ඊයේ (01) පෙරවරුවේ සුළු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්ව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති ඇත් ගොව්වාට ඊයේ (01) නිවාඩු දිනයකි. පවුලේ සාමාජිකයන් සමඟ ලෝක ළමා දිනය වෙනුවෙන් ඔහු ඊයේ අලි අනාථාගාරයට පැමිණ ඇත්තේ දරුවන්ට පින්නවල අලි අනාථාගාරය නැරඹීමට අවස්ථාවක් ලබාදීමටය.

එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් ඇති දැඩි කරමින් සිටි මැණිකා ඇතින්න වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව පින්නවල අලි අනාථාගාරයට භාර දී තිබුණි. මෙම ඇතින්න සමඟ පහරකෑමට ලක්ව ඇති ඇත්ගොව්වා හා පවුලේ සාමාජිකයන් ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර මැණිකා ඇතින්නගේ ඇත්ගොව්වා ද ඒ ආසන්නයේ සිට ඇති බව උසස් නිලධාරියකු පැවසීය.

ඇත් ගොව්වා සමඟ පවුලේ සාමාජිකයන් මැණිකා ඇතින්න සමඟ සමූහ ජායාරූප ගනිමින් සිටියදී ඇත් ගොව්වාට පහරදීමක් සිදු කර තිබේ. පසුව මැණිකා ඇතින්නගේ ඇත්ගොව්වා ඇතුළු පිරිසක් එක්ව පහරකෑමට ලක්වූ ඇත් ගොව්වා බේරාගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT