Home » කරුවලගස්වැව මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරයේ වෙන්දේසියක්

කරුවලගස්වැව මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරයේ වෙන්දේසියක්

-මල් වට්ටිය ලක්ෂ 15 යි

by sachintha
October 2, 2024 2:45 am 0 comment

කරුවලගස්වැව මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ විහාර මන්දිරයක් ඉදි කිරීම සඳහා දින දෙකක දී මල් වට්ටිය ලක්ෂ 15කට ආසන්න මුදලකට වෙන්දේසි වූ බව දායක සභාව පවසයි.

මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයෙ යෝජීත විහාර මන්දිරයක් ඉදි කිරීම සඳහා මෙලෙස ‘නිකිණි පූජෝත්සවය’ ලෙස නම් කරමින් පසුගිය දින දෙක පුරා මල් වට්ටි හා සල්පිල් බඩු වෙන්දේසියක් සංවිධානය කර තිබුණි.

ඒ සඳහා නාට්‍ය සංදර්ශන ඇතුළු විවිධ අංග එකතු එක්කර තිබූ බව කියයි.

එහිදී පළමු දිනයේදී මල් වට්ටිය රුපියල් හත් ලක්ෂ දස දහසක මුදලකට වෙන්දේසි වෙමින් වාර්තාවක් තබා තිබූ අතර දෙ‍ෙවනි දිනද එයට නොදෙවෙනි වෙමින් ලක්ෂ හතක මුදලකට මල් වට්ටිය වෙන්දෙසි වෙමින් වාර්තාවක් එක්කර තිබුණි.

කෙසේ නමුත් මෙතරම් විශාල මුදලකට මල් වට්ටියක් ඉතිහාසයේ පළමු වතාවට වෙන්දේසි වූ බව කියයි.

දින දෙකක් පැවති මෙම මල් වට්ටි වෙන්දේසිය හා සල්පිල් බඩු වෙන්දේසිය ඇතුළු උත්සව අවස්ථාවට විශාල පිරිසක් එක්ව තිබීමත් විශේෂ සිදුවීමක් විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරාධිකාරි මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන් පවසා සිටියේ, “මල් වට්ටි විවෘත කිරීම සඳහා ආරාධනා ලැබූ පිරිස් ඒ සඳහා විශාල දායකත්වයක් දක්වමින් එහි වටිනාකම වැඩි කිරීමට කටයුතු කළා. ඒ සමඟම මල් වට්ටි වෙන්දේසියෙදී දෙදෙනකු එක්වී කිසිදු සිත් රිදවීමක් හෝ නොවී එය ඉතාමත් පිරිසිදු සිතින් වටිනාකම වැඩි කරමින් වෙන්දේසියට එක්වුණා. ඒ සදහා ගමේ පිරිස් එකතු වීමෙන් මෙතරම් විශාල මුදලකට වෙන්දෙසි විම සිදුවූවා” යැයි උන් වහන්සේ පැවසූහ.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT