ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මේ හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා, නව ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පෞද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් මහතා විසින් සිය පණිවිඩයේ සඳහන් කරනු ලැබ තිබිණි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ගැන මේ සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කළ අතරම වෙළෙඳාම, ආයෝජනය, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ගැන ද මෙහිදී අවධාරණය කෙරිණි.
උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ