Monday, May 12, 2025
Home » දුමින්ද හුලංගමුවට ආචාර්ය ඒ.ඒ.ජේ. ප්‍රනාන්දුට ජනපති උපදේශක තනතුරු
ගරු සේවා පදනම මත

දුමින්ද හුලංගමුවට ආචාර්ය ඒ.ඒ.ජේ. ප්‍රනාන්දුට ජනපති උපදේශක තනතුරු

by sachintha
October 2, 2024 2:45 am 0 comment

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලන්ගමුව, ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය ඒ.ඒ.ජේ. ප්‍රනාන්දු මහත්වරුන් පත් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ඇමැති මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බලතල හිමි වී ඇති බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

ඒ අනුව, 2024-09-24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති අතර, ගරු සේවා පදනම මත පත් කිරීමට ඇමැති මණ්ඩලයේ එකඟතාව ලබා දුන් බව ඇමැතිවරයා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT