Sunday, May 11, 2025
Home » වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය

වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය

by sachintha
October 2, 2024 2:48 am 0 comment

ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන නිලූෂා බාලසූරිය මහත්මිය පත් කිරීමට මහජන ආරක්ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් මස 25 වැනි දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඇති වූ පුරප්පාඩු සඳහා වැඩ බැලීමේ තනතුර පත්කර ඇත.

පාස්පෝට්වල අත්සන් තැබීමේදී ඒ ධුරය ඉතාම වැදගත්. එම නිසා වහාම එම ධුරයට වැඩ බැලීමට කෙනකු පත් කළ යුතු වන බව ඇමැතිරයා කීවේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT