Home » ජනාධිපති කාර්යාලයට ගත් වාහන යළි මුල් ආයතනවලට

ජනාධිපති කාර්යාලයට ගත් වාහන යළි මුල් ආයතනවලට

by sachintha
October 2, 2024 2:49 am 0 comment

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදී සිදු විය. ඒ අනුව වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් ඊයේ දිනම රැගෙන යනු ලැබීය.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස අදාළ ආයතනවලට නැවත ලබාදීම සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT