Home » හමුදා ධජවලට සෙත් පැතීමේ ආශීර්වාද පූජාව කතරගම කිරිවෙහෙර අබියසදී

හමුදා ධජවලට සෙත් පැතීමේ ආශීර්වාද පූජාව කතරගම කිරිවෙහෙර අබියසදී

by sachintha
October 2, 2024 2:54 am 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය මේ මස 10 වැනි දිනට යෙදී තිබේ. ඊට සමගාමීව යුද හමුදා ධජවලට සෙත් පැතීමේ ආශීර්වාද පූජාව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) පැවැත්විණි.

ඒ අවස්ථාවේදී සියලු යුද හමුදා රෙජිමේන්තු සහ ආයතන නියෝජනය වන ධජ සඳහා කිරිවෙහෙර, මහසෙන් දේවාලය සහ කතරගම දේවාල පරිශ්‍රයන්හිදී ආශීර්වාද කිරීම සිදු විය.

යුද හමුදාව විසින් කිරිවෙහෙර සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ද සිදුකිරීමද එහිදී සිදුකෙරිණි. යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලවල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT