Home » බදුල්ලේ ප්‍රධාන බස් නැවතුම්පොළ ශුද්ධ පවිත්‍ර කරයි

බදුල්ලේ ප්‍රධාන බස් නැවතුම්පොළ ශුද්ධ පවිත්‍ර කරයි

by sachintha
October 2, 2024 2:30 am 0 comment

බදුල්ල නගරයේ දෙනෝදාහක් ගැවසෙන ප්‍රධාන බස් රථ නැවතුම්පොළේ කානු පද්ධතියේ අපද්‍රව්‍ය පිරී සිරවී තිබීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටි අතර, බදුල්ල මහ නගර සභාවේ සේවකයෝ විසින් එම කානු පද්ධති පෙරේදා (29) ශුද්ධ පවිත්‍ර කළහ.

බස් රථ නැවතුම්පොළේ කානු පද්ධතියට මතුපිටින් දමා තිබූ ආරක්ෂිත යකඩ ආවරණ සියල්ල ඉවත් කර එහි රැඳී තිබූ අපද්‍රව්‍ය සියල්ල ඉවත් කර මහ නගර සභාවේ ගිනිනිවීම් රථයෙන් ජලය ගෙනවිත් කානු පද්ධතිය සෝදා පිරිසිදු කළේය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත, නාගරික ලේකම් සුවිමාලි දිසානායක යන මහත්ම මහත්මීන්ට මෙන්ම මහ නගර සභාවේ සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයට ජනතාව සිය ප්‍රණාමය පුද කරති.

සොරණාතොට සමූහ – සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT