Saturday, May 10, 2025
Home » මාතලේ රිළවු පන්නන්න වායු රයිෆල් දෙන්න

මාතලේ රිළවු පන්නන්න වායු රයිෆල් දෙන්න

by sachintha
October 2, 2024 1:06 am 0 comment

භෝග වගාවන්ට රිළවුන්ගෙන් සහ අනෙකුත් වන සතුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට වායු රයිෆල් නොමිලයේ ලබා දෙන ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

මේ වන විට දිස්ත්‍රික්කයේ එළවළු වගාවන්ට විශාල වශයෙන් මෙම සතුන්ගෙන් හානි සිදුව ඇති අතර, පොල් වගාවන්ට ද බරපතළ ලෙස හානි සිදු වන බැවින් පොල් ඵලදාව ද දැනට සියයට හැටකින් පමණ පහත වැටී ඇති බවත්, වෙළෙඳපොළේ පොල් හිඟයක් මේ හේතුවෙන් නිර්මාණය වෙමින් ඇති බවත් ජනතාව සඳහන් කරති. පෙරට වඩා මෙම සතුන්ගේ ගහනය ද වර්ධනය වෙමින් පවතින බැවින් සිදු වන හානි ද ඊට සාපේක්ෂව වැඩි වී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. එබැවින් සිය වගාවන් ආරක්ෂා කර ගැනීමට ගිනි අවි හෝ වායු රයිෆල් අත්‍යවශ්‍ය වී ඇතැයි කියා සිටින ගොවීන් වායු රයිෆල් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් ආර්ථිකයක් තමන් සතුව නොපවතින බැවින් මෙය ලබා ගැනීම සඳහා රජයේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරති.

මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT