Home » සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් රෝහල්වල නිරීක්ෂණයක

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් රෝහල්වල නිරීක්ෂණයක

by sachintha
October 2, 2024 2:53 am 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නැවතත් පත්වූ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෝක බැංකුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කළ මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් පසුගියදා වැඩ ආරම්භ කළේය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ දී දීපව්‍යාප්ත ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන අතර තරගයෙන් නිර්ණායක 8ක් අතුරින් විශිෂ්ටතම ප්‍රාදේශීය රෝහල ඇතුළු සම්මාන 7ක් මෙම රෝහල දිනා ගෙන තිබිණි.

ජනතා සහභාගිත්වය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේදී රෝහල් සංවර්ධනය සඳහා සම්පත් දායකත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සම්පත් දායකත්වය, රෝග හඳුනාගැනීම සඳහා ජනතාව යොමුකිරීම සහ නවමු අත්දැකීම් සඳහා සහභාගිත්වය, ජනතා සහභාගිත්වය තුළින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටුගහහේන ප්‍රාදේශීය රෝහල ලබා ඇති ප්‍රගතිය මෙම නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයාගේ අවධානයට ලක්විය.

මෙහිදී කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සහ සුව මිතුරන්ගේ කැපවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ පැසසුමට ලක්විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත්, බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුමල් නන්දසේන, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.කේ. කළුබෝවිල, කළුතර නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේනි ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය. මතුගම පොලිසියේ සහ මූනමල්වත්ත විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි, රෝහල් කමිටුවේ සාමාජිකයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

මතුගම සමූහ – බී.ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT