ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංගම් සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බව සදහන් කෙරේ. තානාපති කපිල ජයවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පරිදි සහය ලබාදෙමින් සිටින බවද එම නිවේදනයේ දැක්වේ.
අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ තානාපති කාර්යාලය විසින් නවාතැන් පහසුකම් සලසා ඇති අය හැරුණු විට, මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම තත්ත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත්ව නොමැති බව සදහන් වේ.