Sunday, May 11, 2025
Home » දූෂිතයන් අතුගා දමන්නැයි ඉල්ලමින් දේව කන්නලව්වක්

දූෂිතයන් අතුගා දමන්නැයි ඉල්ලමින් දේව කන්නලව්වක්

by sachintha
October 3, 2024 2:35 am 0 comment

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් මුන්නේශ්වරම පූජා භූමියට පැමිණ රාජ්‍ය, සංස්ථා සහ දෙපාර්තමේන්තුවල හොරුන් සහ දූෂිතයන් වහා අතුගා දමන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක නිරත විය.

පෙරේදා (01) දහවල් මුන්නේශ්වරම සොහොන් කාලි දේවාලයේදී පළමු දේව කන්නලව්ව සිදු කිරීමෙන් අනතුරුව මීට පෙර මෙහි පැමිණ තැබූ භාරයක් ඔප්පු කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති චමින්ද පතිරණ මහතා මෙලෙස කියා සිටියේය.

“දූෂිත පාලකයන් ගෙදර යැවීමට මුල් අඩිතාලම දැම්මේ අපේ සංගමයේ සාමාජිකයන්. මේ වන විට එම පාලකයන් ගෙදර ගොස් තිබෙනවා. නමුත් දූෂිත නිලධාරීන් තවමත් සිටිනවා. එම නිලධාරීන් ගැන සොයා බලා පියවරක් ගන්නා ලෙස නව රජයෙන් ඉල්ලා සිටිනවා.”

සාමකාමී සහජීවන ව්‍යාපාරයේ සභාපති, වෛද්‍ය තිවංක මල්ලවාරච්චි මහතා ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නිලධාරීහු ද, සාමාජිකයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රසාද් පූර්ණමාල් – පුත්තලම දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT