56
හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසල් හතක සිසුන් 70කට රිය නියාමක පුහුණුවක් දී රිය නියාමක ජැකට්ටුවක් සහ සහතික පත් ලබාදීමේ වැඩසටහනක් හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් (02) හැටන් මුලස්ථාන පොලිසියේදි පැවැත්විණි.මහමඟදී අපි සුරැකෙමු,අපි සුරකිමු මැයෙන් මේ වැඩසටහන සංවිධාන කර තිබුණි.
මේ පුහුණු වැඩසටහනේදී සිසුන්ට රිය නියාමනය පිළිබඳ ප්‍රායෝගිකව පුහුණුවක් ලබාදුන් අතර ඒ දරුවන් පාසල් දිනයන්හි රථවාහන අංශයේ පොලිස් නිලධාරින් සමඟ පාසල් අසල ප්‍රධාන මාර්ගයේ රථ වාහන හැසිරවීමට යෙදවීමට ද නියමිතය.
ඡායාරූප හා සටහන- හැටන් රංජිත් රාජපක්ෂ