Thursday, May 8, 2025
Home » ගිය මාසේ පමණක් සංචාරකයෝ එක්ලක්ෂ විසිදෙදාහක් ඇවිත්

ගිය මාසේ පමණක් සංචාරකයෝ එක්ලක්ෂ විසිදෙදාහක් ඇවිත්

by sachintha
October 3, 2024 3:26 am 0 comment

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් විදෙස් සංචාරකයන් 122,140ක් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව මෙම අගය පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි 111,938ක සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 9.11ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ඒ අනුව 2024 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 1,484,808ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එය පසුගිය වසරට සාපේක්ෂව විශාල වර්ධනයක් බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය 2023 වසරේදී පමණක් විදෙස් සංචාරකයන් 1,487,303ක් මෙරටට පැමිණ තිබෙන අතර 2024 වසරේ මුල් මාස 08 තුළදී ඩොලර් බිලියන 2.16ක් සංචාරක කර්මාන්තය ඔස්සේ ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT