Saturday, May 10, 2025
Home » රොෂාන්-චන්න-මිලාන් දිලිත්ගේ පක්ෂයට

රොෂාන්-චන්න-මිලාන් දිලිත්ගේ පක්ෂයට

by sachintha
October 3, 2024 2:59 am 0 comment

ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පත් කර තිබේ.

පක්ෂයේ උප සභාපතිවරයා ලෙස හිටපු ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර ඇති අතර එම පත්වීම්වලට අදාළ ලිපි ඔවුන් වෙත ඊයේ (02) ලබාදී ඇත. මින් පෙර හිටපු ඇමැති දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරිණි. ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT