Thursday, May 8, 2025
Home » අමෙරිකා ආරක්ෂක උපදේශක ඇන්තනි නෙල්සන් මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අමෙරිකා ආරක්ෂක උපදේශක ඇන්තනි නෙල්සන් මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

by sachintha
October 3, 2024 3:40 am 0 comment

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් මහතා ඊයේ (02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා අමෙරිකානු ආරක්‍ෂක උපදේශකවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළේය.

මෙම අවස්ථාවට අමෙරිකානු නාවික ආරක්‍ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් ජෙසිකා ඩී මොන්ට්, සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් සහ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ද සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT