Home » චමල්කි බාලදක්ෂ ආචාර්යවරියකුට දිනාගත හැකි ඉහළම සම්මානය දිනා ගනියි

චමල්කි බාලදක්ෂ ආචාර්යවරියකුට දිනාගත හැකි ඉහළම සම්මානය දිනා ගනියි

by yasara
October 3, 2024 4:16 pm 0 comment

සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩසටහන් කොමසාරිස්, ඩබ්ලිව්. නවෝදා චමල්කි ලෝවි මෙනවිය බාලදක්ෂ ආචාර්යවරියකුට දිනාගත හැකි ඉහළම සම්මානය වන ලී පබළු (Wood Beads) දිනා ගැනීමට පසුගියදා සමත් වූවාය.

පසුගිය සැප්තැම්බර් 29 වැනි දා උතුරු සයිප්‍රස් හි Kantara බාලදක්ෂ වැඩමුළුවේ දී (WFIS Workshop 2024, Kantara) ලෝක බාලදක්ෂ සභාපති, ක්ලවුස් ටිගේඩර් මහතාගේ  සුරතින් එම සම්මානය ලබා ගැනීමට ඇය සමත් වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම ලී පබළු ප්‍රධානය දිනාගත් ආචාර්යවරිය බවට ඇය පත් වූවාය.

ජර්මනියේ සිට පවත්වාගෙන යන ලෝක බාලදක්ෂ  සංවිධානයක් වන ලෝක ස්වාධීන බාලදක්ෂ සංවිධානය  (World Federation of  Independent Scouts) සමඟ එක්ව සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය කටයුතු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT