Home » ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

by mahesh
October 4, 2024 1:00 am 0 comment

වසර 1977 සිට 1981 දක්වා කාලය අතරතුර අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් පසුගියදා ශතසංවත්සරික උපන්දිනය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ජීවන ගමන් මගේ සියවස සම්පූර්ණ කළ පළමු ජනාධිපතිවරයා ලෙස වාර්තාපොතට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. සිය ධුරකාලය තුළ ජාත්‍යන්තර ගැටුම්වලට සාමකාමී විසඳුම් සෙවීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කළ කැපවීම උදෙසා ඔහු 2002 වසරේදී නොබෙල් සාම ත්‍යාගයට ද හිමිකම් කීවේය.

වසර 1924 ඔක්තෝබර් මස 1 වැනිදා ජෝර්ජියා ප්‍රාන්තයේ උපත ලැබූ ජිමී කාටර් එරට 39 වැනි ජනාධිපතිවරයා වන අතර, ඊට පෙර 1971 සිට 1975 දක්වා ජෝර්ජියා ප්‍රාන්තයේ ආණඩුකාරවරයා ලෙස ද සේවය කර තිබේ. මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන හිටපු ජනාධිපතිවරයා එම ප්‍රාන්තයේ පිහිටි සිය නිවහනේදී පවුලේ සාමාජිකයන් සමඟ ශතසංවත්සරික ජන්ම දිනය සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඩිමොක්‍රටික් පාක්ෂික ජිමී කාටර් දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් 1980 ජනාධිපතිවරණයට තරග වැදුණු අතර, එහිදී රෙපබ්ලිකන් පක්ෂයේ රොනල්ඩ් රේගන් හමුවේ අන්ත පරාජයකට ලක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT