Home » ආරක්ෂක ලේකම් හමුවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පති

ආරක්ෂක ලේකම් හමුවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පති

by mahesh
October 4, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිවරයා පෙරේදා (02) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වූහ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (02) වෙන් වෙන්ව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම්වරයා හමු විය.

මේ හමුවලදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, ආරක්‍ෂක ප්‍රධානීන් සහ වැඩ බලන පොලිස්පති සමඟ සුහද සාකච්ඡාවල නිරත විය.

පසුගිය සැප්තැම්බර් මස 23 වැනි දින සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූ ප්‍රථම නිල හමුව මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT