Home » නියමිත ගාස්තුවට වඩා අය කරන බස් රථවලට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නවා

නියමිත ගාස්තුවට වඩා අය කරන බස් රථවලට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නවා

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

by mahesh
October 4, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

අඩු කළ බස් ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කරන බස් රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකතන අංකයට හෝ 071-2595555 වට්ස්ඇප් අංකයට හෝ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකතන අංකයට සහ පළාත් සභා බස් රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවටත් පවසා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එලෙස වැඩිපුර මුදල් අය කරන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය මගීන්ගෙන් ඉල්ලා සිටියාය. ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු වූ අතර, අවම ගාස්තුව රුපියල් 27කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT