Home » දහම් සිරිසේන දිලිත්ගේ පක්ෂයට

දහම් සිරිසේන දිලිත්ගේ පක්ෂයට

by mahesh
October 4, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමඟ ඊයේ (03) එක්වූහ.

කොළඹ මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා හමුවීමෙන් අනතුරුව ඔවුහු එම පක්ෂයට සහාය පළ කළහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියව මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරිණි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොලොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කෙරිණි.

මේ අතර චමිඳු කුමාරසිංහ මහතා පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසත් තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙක් දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට සහාය පළ කරමින් එක්ව සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT