Home » හිටපු ජනපතීන්ගේ නිල නිවාසත් ඉදිරියේදී ප්‍රදර්ශනය කරනවා

හිටපු ජනපතීන්ගේ නිල නිවාසත් ඉදිරියේදී ප්‍රදර්ශනය කරනවා

by mahesh
October 4, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ සහ මධ්‍යම පළාත් සමූහ - නිහාල් ජයවර්ධන

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොනතරම් සුඛෝපභෝගි ජීවිතයක් ගතකර තිබෙන්නේ ද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඉදිරියේදී මේවා ප්‍රදර්ශනය කරාවි යැයි බියෙන් ඇතැම් අය මේ වන විට නිල නිවාසවල බඩු වෙනත් තැන්වලට ගෙනයන්නට උත්සාහ කරන බව තොරතුරු වාර්තා වන බව ද ඒ මහතා කීය. මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී ලාල්කාන්ත මහතා මෙසේ ද පැවසුවේය. මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයට ද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි. ඒ වෙනුවෙන් අප තව තවත් ප්‍රදර්ශන පවත්වනවා. ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මෙය ගැටලුවක් විය හැකියි. ජනාධිපතිවරයා පසුගිය කාලයේදී කිසිදු අදාළකමක් නැති තනතුරුවලට තම තමන්ගේ හිතුවතුන් පත්කර යාන වාහන ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT