Home » රාගම රක්තවාතවේද සහ පුනරුත්ථාපන රෝහලේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අතරමඟ

රාගම රක්තවාතවේද සහ පුනරුත්ථාපන රෝහලේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අතරමඟ

රෝගීන්ට දැඩි පීඩා

by mahesh
October 4, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

රාගම රක්තවාතවේද සහ පුනරුත්ථාපන රෝහලේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණ ද මහල් කිහිපයකින් සමන්විත නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වසර හතරක පමණ කාලයක සිට අතරමඟ ඇනහිටීම හේතුවෙන් එම භූමිය කැලයෙන් වැසී ජරාවාස වී ඒවාට සවි කර ඇති කම්බි කූරු ද දිරාපත්වී ඒවා විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව එම ස්ථානයට පැමිණෙන රෝගීහු පවසති.

වසර ගණනාවකට පෙර ආරම්භ කළ රාගම රක්තවාතවේද සහ පුනරුත්ථාපන රෝහලේ වසර ගණනාවක් පැරණි ගොඩනැගිලි කිහිපයක් ඇති අතර මේ වනවිට ඒවායේ බිත්ති බොල්වී, පුපුරා අබලන්ව ඒවායේ වහලයට සවිකර ඇති දැවවලින් සමන්විත පරාල සහ රීප්ප දිරා අබලන් තත්ත්වයෙන් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ වනවිට මෙහි කොටසක යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සිදු කරන අතර මීට අමතරව මෙහි ආතරයිටීස් ඇතුළු විවිධ අස්ථි රෝගීන් සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන සායන, පුනරුත්ථාපන කටයුතු සහ ව්‍යායාම් කිරීමට මධ්‍යස්ථානයක් ද ආරම්භ කර ඇත. මෙහි පවතින ගැටලු හා අඩුපාඩු හේතුවෙන් රෝගීන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බව ද හෙළිවිය.

ඒ අනුව රාගම රක්තවාතවේද සහ පුනරුත්ථාපන රෝහලේ පවතින ගැටලු සහ අඩුපාඩු කඩිනමින් සංවර්ධනය කර මෙම ස්ථානයට පැමිණෙන රෝගීන් හට අවශ්‍ය සහන සලසා දෙන මෙන් ප්‍රදේශවාසීන් සහ රෝගීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT