සතුටින් සේවයට පැමිණීම, සතුටින් සේවය කිරීම හා සතුටින් පාසලින් නික්ම යන ආකාරය කියා දෙන පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහනක් කුඩගම්මන මහා විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පසුගිය දා එම විදුහලේ දී පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලද්දේ අභිප්‍රේරණ, නායකත්ව පුහුණු හා ධනාත්මක කණ්ඩායම් සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක සුජීව සෙනරත් මහතා විසිනි.
එහිදී අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආකල්ප සංවර්ධනය මූලික කර ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරිණි. පාසලේ කාර්ය මණ්ඩලය සවිබල ගන්වමින් පාසල ජයග්‍රාහී මාවතේ බොහෝ දුර ගමන් කිරීමේ අභිලාෂය පෙරදැරිව අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සඳහා මහත් උද්‍යෝගයෙන් සහභාගීව සිටියහ. කුඩගම්මන මහා විද්‍යාලයීය විදුහල්පති ජයමිණි හරිස්චන්ද්‍ර මෙනවියගේ සංවිධානයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබිණි.