Thursday, May 8, 2025
Home » කසළ ඉවත් කිරීමේ පරිසර පොළක් ඉත්තෑපාන ප්‍රදේශයේදී

කසළ ඉවත් කිරීමේ පරිසර පොළක් ඉත්තෑපාන ප්‍රදේශයේදී

by mahesh
October 4, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

වළල්ලාවිට, ඉත්තෑපාන ප්‍රදේශයේ නොදිරන කසළ ඉවත් කිරීමේ පරිසර පොළක් පසුගිය( 28)දා ඉත්තෑපාන සතිපොළ භූමියේදී පවත්වා පරිසරයට හානිකර නොදිරන කසළ විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකිවූ බව වළල්ලාවිට ප්‍රාදේශීය සභාව කියයි.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාව සහ ඉත්තෑපාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.පී. එච්. රන්දික මහතාගේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ නිවාසවල සහ පරිසරයට මුදා හැර තිබූ නොදිරන කසළ එකතු කිරීම මෙහිදී සිදුවිය.

ඉත්තෑපාන අවට ගම්මානවල සහ පරිශ්‍රයේ තැන තැන ගොඩගසා තිබූ නොදිරන කසළ පරිසරයට මුදා හැරීමෙන් සිදු වන හානි වළක්වාලමින් නොදිරන කසළ විශාල ප්‍රමාණයක් මෙහිදී එකතු කර ගැනීමට හැකි වූ බව ඉත්තෑපාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT