Thursday, May 8, 2025
Home » කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු තුනකගේ වැඩ තහ­නම්
බේරුවල ධීවර වරායේ කෝටියක මූල්‍ය වංචාව

කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු තුනකගේ වැඩ තහ­නම්

by mahesh
October 4, 2024 1:02 am 0 comment

අලුත්ගම තුසිත - කුමාර ද සිල්වා

දින කිහිපයකට ඉහත බලය අහිමිවූ පසුගිය රජය පැවැති කාලවකවානුවේ බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මූල්‍යමය වංචාවට සම්බන්ධ වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් හත්දෙනකු පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය විමර්ශන ආරම්භ කර වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා ඊයේ (03) පැවසීය.

බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයෙකු, ඉන්ධනහල් භාරකරු, ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් දෙදෙනෙකු, කාර්යාල කාර්ය සහායක ඇතුඵ බේරුවල ධීවර වරායේ සේවය කළ හත්දෙනෙකු එම සිද්ධියට සම්බන්ධ වී ඇති බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය. කළමනාකරු, මුදල් අයකැමි, ඉන්ධන පිරවුම්හල් භාරකරු, ඉන්ධනහල් පොම්පකරුවන් දෙදෙනකු සහ කාර්යාල කාර්ය සහයකයෙකු වන අය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුව්ම් සිදු කර විමර්ශන සිදු කර ප්‍රධාන සැකකරුවන් තිදෙනාගේ වැඩ තහනම් කර බවට අදාළ ලිපිද මේ වන විට බේරුවල ධීවර වරාය වෙත ලැබී ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් හත්දෙනා එම වරාය සතුව තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මේ වන විට වංචනිකව ලබාගෙන ඇති අතර නව රජය පත්විමත් සමඟ එම ධීවර වරාය වෙත පැමිණි විගණනන කණ්ඩායමක් සිදු කළ විගණනයේදී එම මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුරටත් විගණනය වී තිබෙන බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයෙන් වැඩිදුරටත් පැවසීය.

එම සිද්ධියත් සමඟ සැකකාර ප්‍රධාන පුද්ගලයින් තිදෙනාගේ වැඩ තහනම් කර සෙසු සිව්දෙනා වෙනත් ධීවර වරායන් වෙත මරු කළ බව මානව සම්පත් කළමනාකාරවරයා පැවසීය.

ආයතන මට්ටමෙන් කටයුතු කර නීතිමය පියවරක් ගැනීමටද මේ වන විට කටයුතු කර ඇති බව එම නිලධාරියා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT