Thursday, May 8, 2025
Home » යුද හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාව කාලතුවක්කු රෙජිමේන්තුවට

යුද හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාව කාලතුවක්කු රෙජිමේන්තුවට

by mahesh
October 4, 2024 1:00 am 0 comment

යුද හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කාලතුවක්කු රෙජිමේන්තුව සමත් විය.

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව්තාවුල්ල අසලදී පැවති මේ තරගාවලිය මීටර් 750 ක පිහිනුම් ඉසව්වකින්, කිලෝමීටර් 20ක බයිසිකල් ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5ක ධාවන ඉසව්වකින් සමන්විත විය. මේ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට වැඩි පිරිසක් සහභාගි වූහ. තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට හිමි විය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතයේ ඇති වන අභියෝග ජයගැනීම සඳහා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අරමුණින් යුද හමුදාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මේජර් ජෙනරාල් කපිල දොලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සභාපතිත්වයෙන් යුත් යුද හමුදා තුන්ප්‍රයාම ක්‍රීඩා කමිටුව විසින් මේ තරගාවලිය සංවිධානය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT