ගාල්ලේ පැවති ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ගෙනදීමට ප්‍රබල දායකත්වයක් සැපයූ 27 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා සිය ගම් ප්‍රදේශය වන මීගමුව, මුන්නක්කරේදී පැවැත්විණි.
නිශාන් මීගමුව නගරයේ සිට, මුන්නක්කරේ ප්‍රදේශය දක්වා විවෘත රථයක නංවා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පෙරහරකින් සිය නිවස වෙත කැඳවාගෙන ගිය අතර, එහිදී මඟ දෙපස රැස්වූ ජනතාව ගිනිකෙළි දල්වමින්, සිංහ කොඩි ප්‍රදර්ශනය කරමින් මල් මාලා පලඳවමින් ඔහුට සුබ පතන්නට එක්රොක් වූහ.
මුන්නක්කරේ පදිංචි වෘත්තියෙන් කාර්මිකයෙකුවූ සෙබස්තියන් නිහාල් පීරිස් සහ නීලියා ශිරෝමි සිල්වා දෙපළගේ දෙවැනි දරුවා වන නිශාන් මීගමුව සාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලබා ක්‍රිකට් පිටියට පිවිසියේය.