ෂැංහායි සහයෝගිතා සංවිධානයේ රැස්වීමක් සඳහා ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් මේ මස පාකිස්තානයේ සංචාරයකට එක්වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශකයකට ආසන්න කාලයකට පසු ඉන්දියාවේ ඉහළ මට්ටමේ අමාත්‍යවරයකු පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්ථාව ද එය වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අවසන් වරට ඉන්දීය අමාත්‍යවරයකු පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ 2015 වසරේදී බවත්, එවර එම ඓතිහාසික අවස්ථාවට දායක වී ඇත්තේ එවකට ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය කාශ්මීර අර්බුදය සහ න්‍යෂ්ටික අවි අර්බුදය හේතුවෙන් දශක ගණනාවක් පුරා ආසියාවේ පසමිතුරන් බවට පත්වී සිටින අතර, ෂැංහායි සහයෝගිතා සංවිධාන රැස්වීමේදී දෙපාර්ශ්වය අතර මධ්‍යම ආසියාවේ ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
මීට පෙර ෂැංහායි සහයෝගිතා සංවිධාන රැස්වීම ඉන්දියාවේ පැවැති පසුගිය වසරේදී පාකිස්තාන විදේශ ඇමැතිවරයා ද ඉන්දියාවේ සංචාරය කළ අතර, එය වසර 2011ට පසු පාකිස්තානයේ ඉහළ මට්ටමේ අමාත්‍යවරයකු ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වී තිබිණි.