පිසින ලද මුව මස් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අංගම්මැඩිල්ල වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර දෙකක් විභාග වූ නඩුවකින් පසු ඔහුට රුපියල් 50,000 ක දඩයක් හා වසර පහක අත්හිටුවන ලද සිරදඬුවමක් ලබා දෙන ලෙස පෙරේදා (03) පොලොන්නරුව මහේස්ත්‍රාත් යූ.ඒ.එස්.කේ. වික්‍රමරත්න මහතා විසින් නියෝග කළේය. මෙම දඬුවමට ලක්ව ඇත්තේ අංක 06 ධීවර ගම්මානය කලහගල, පොලොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි කීරාලලාගේ කළුබණ්ඩා යන අයෙකුටය.
2022 ඔක්තෝබර් 10 වැනිදා අදාළ සැකකරු තම නිෙවසේ පිසින ලද මුවමස් තබාගෙන සිටියදී අංගම්මැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරී කණ්ඩායමක් මඟින් සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු පැවරූ අතර එම නඩුව වසර දෙකක්ම විභාග විය.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 30 (ඇ) වගන්තිය යටතේ නඩුව ගොනුකර තිබුණු අතර, අදාළ සැකකරු, අංගම්මැඩිල්ල වනජීවී කාර්යාලයේ අඩවි සහකාර බී.ජී.ඒ.එම්. දිනේෂ්, වනසත්ව නියාමක යූ.බී.එස්.එන්. කුමාරසිංහ යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අංගම්මැඩිල්ල උද්‍යාන භාරකරු, ආර්.පී.එස්. උඩපෝරුව, අයි.පී.කේ. රණතුංග යන මහත්වරු විසින් මෙම නඩුව මෙහෙයවා ඇත.