Friday, May 9, 2025
Home » බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් යළි එරටට

බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් යළි එරටට

by chanaka
October 7, 2024 12:13 pm 0 comment

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් යටතේ පාකිස්තානයට මාරුකර යැවීම ඊයේ (06) සිදු කෙරිණි.

මෙම සිරකරුවන් 56 දෙනා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින අතර ඔවුන්ගෙන් 05 දෙනකු කාන්තා රැඳවුවන් වේ.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ, බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවුවන් පිරිසක් මේ ආකාරයෙන් හුවමාරුව සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය වන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)ගාමිණී බී. දිසානායක මහතා කියයි.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණෙන පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ පාකිස්තාන ගුවන් සේවයට අයත් අංක A320 දරණ ගුවන් යානය මගින් මෙම සිරකරුවන් පාකස්තානය බලා පිටත් කර යවා ඇත.

මෙම සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ආරක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර නිළධාරීන් හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිළධාරීන් 47ක යුතු කණ්ඩායමක් මගින් ආරක්ෂණය කර ඇති අතර, අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා පාකිස්තාන තානාපති කාර්යාලයේ මැදිහත්වීම යටතේ මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කර තිබේ. මෙම රැඳවුවන්‌ට මෙරට අධිකරණ මගින් ලබාදී ඇති සිර දඬුවම පාකිසිතානයේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වේ.

 

බුද්ධිකා ඉඹුලාන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT